මැතිවරණ කොමිසම
අද පෙරවරු 10 ට
පක්ෂ ලේකම්වරු හමුවෙයි.
මැතිවරණ කොමිසම අද පෙරවරු 10.00 ට පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැදවා තිබේ.
ඒ අප්‍රේල් විසිපස්වනදා පවත්වන බවට ප්‍රකාශ කර තිබෙන පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට යි.
අධිකරණ නියෝගයක් ලබා දී තිබිය දී ත් පලාත් පාලන මැතිවරණය සදහා අය වැයෙන් වෙන් කර තිබෙන මුදල් ලබා දීමට මුදල් අමාත්‍යංශය කටයුතු නොකිරීම සහ මුදල් ලබා නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්රණය කිරීම රජයේ මුද්රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව මේ මොහොතේ එල්ල වී ඇති ප්‍රධාන බාධාවන් ය.
ඒ අනුව සැලසුම් කර තිබෙන ආකාරයට අප්‍රේල් මාසයේ විසිපස්වන දා ඡන්දය පැවැත්වීම අවිනිශ්චිත වී ඇති බැවින් ඒ පිළිබදව පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද හමුවේ දී අපේක්ෂා කරන බව වාර්තා වේ.
පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මාසයේ 28, 29, 30 සහ 31 යන දිනවල පවත්වන බව ප්‍රකාශ කර තිබුනු අතර එම දිනවලදී තැපැල් ඡන්දවිමසීම සිදුකළ නොහැකි බැවින් ඒ පිළිබදවද අද සාකච්ඡා කිරීමට නියමිත ය.