මැති-ඇමතිවරුනම්
ඉන්ධන දීමනාව වැඩිකර ගනිති.
යාපනයේ සිට එන අයට
ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක්.
ලංකාදීප වාර්තා කරයි.
මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළ දමා ඇතැයි, පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ අනුව, යාපනයේ සිට පැමිණෙන මැති ඇමතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස ලක්ෂ දෙකක අමතර දීමනාවක් වැටුපට අමුණා ඇති බව පැවසේ.
අනෙක් ප‍්‍රදේශ නියෝජනය කරමින් පැමිණෙන් මන්ත‍්‍රීවරු සදහා ඉන්ධන දීමනාව ලෙස වෙන්කර තිබෙන මුදල රුපියල් ලක්ෂයකි.
ලංකාදීප වෙබ් අඩිවියට මෙම ප‍්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ සුජිත් හේවා ජූලිගේ විසිනි.