මැති ඇමතිවරුන්ගේ සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ විදේශ සංචාර දීමනා හෙට සිට කප්පාදු කරයි..!

0
98

මුල් මාස දෙකේ විදේශ සංචාර සදහා
දරා ඇති වියදම රුපියල් ලක්ෂ 700 යි.

මැති ඇමතිවරුන්ගේ සහ
ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ
විදේශ සංචාර දීමනා හෙට සිට කප්පාදු කරයි..!

මැති ඇමතිවරු සහ රජයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ විදේශ දීමනා හෙට සිට බලපැවැත්වෙන පරිදි කප්පාදුවට ලක්කර තිබෙන බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලය මගින් මුදල් අමාත්‍යංශයට ලබා දී තිබෙන උපදෙස් මත මෙය ක්‍රියාත්මක ය.

ඊට අමතරව, පුහුණු වැඩසටහන්, අධ්‍යාපන චාරිකා, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා සදහා දේශීය වශයෙන් සහභාගී වීමේ දී රාජ්‍ය නිළධාරීන්ට ලබා දෙනු ලබන දීමනාවන්ද සම්පූර්ණ වශයෙන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මීට අමතරව පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ ආදිය සදහා සහභාගී වීමේ දී ලබා දෙන ගුවන් තොටුපල ගාස්තු සහ දුරකතන ගාස්තු දීමනාව ඇතුළු තවත් දීමනා රැසක් කප්පාදු කර තිබේ.

වසරේ මුල් මාස දෙක තුළ විදෙස් සංචාර සදහා රජය රුපියල් ලක්ෂ 700 ක් වැය කර ඇති බව පැවසේ.

අදාල නිළධාරීන්ට එවැනි සම්මන්ත්‍රණ හෝ වැඩමුළු සදහා සහභාගී විය හැක්කේ ඒවා සංවිධානය කරනු ලබන පාර්ශ්ව විසින් පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ නම් පමණි.

විදේස් සංචාර සදහා සහභාගී වන අමාත්‍යවරු, පළාත් ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පලාත් සභා අමාත්‍යවරු, නගර සභා සහ ප්‍රාදේශීය සභාපතිවරුන්ට දිනකට ලබා දෙන ඇමරිකානු ඩොලර් දෙසීයේ සිට ඩොලර් 150 දක්වා අඩු කර තිබේ.

අනෙකුත් රාජ්‍ය නිළධාරීන් සදහා ලබා දෙන දෛනික දීමනාව 30% කින් කපා හැර ඇති බව පැවසේ.

විදේශ සංචාරවලදී ලබා දෙන ගුවන්තොටුපල ගාස්තු සහ දුරකතන ගාස්තු දිමනාව ඇතුළුව තවත් දීමනා රැසක් මෙසේ කප්පාදුවට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 4 =