‘මැති ඇමතිවරු ඔවුන්ගේ
ගිනිගත් දේපළවල වටිනාකම
ඩබල් කර ගනිති.’
දිවයින පුවත්පත වාර්තා කරයි.
මැයි නමවනදා ජන අරගලය මධ්‍යයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළ විනාශ වූ මැති ඇමතිවරු ඔවුන්ගේ දේපළවල වටිනාකම දෙගුණ තෙගුණ කර ගනිමින් වන්දි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව අද වෙළදපොළට නිකු-ත් වී තිබෙන දිවයින පුවත්පත වාර්තා කරයි.
විනාශයට පත් වූ දේපළවල වෙනුවෙන් නොවටිනා තක්සේරු ඉදිරිපත් කරමින් අසීමිත වන්දි මුදලක් ලබා ගැනීමට ඇතැම් දේශපාලනඥයන් දරන උත්සාහය නිසා තක්සේරු නිළධාරීන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පුවත්පත පවසයි.
විනාශයට පත් වූ තනි නිවස නිවාස දෙකක් බව ප්‍රකාශ කරමින් වන්දි සහ නිවාස ලබා ගැනීමට මැතිඇමතිවරු පස් දෙනෙක් උත්සාහ කරමින් සිටින බවද පුවත්පත වාර්තා කරයි.
මේ අතර තවත් එක් දේශපාලනඥයෙකු තමන්ට සිදු වූ අලාභය කෝටි දහසක් බව කියමින් වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.
මීට අමතරව ගිනිගත් නිවාස හා දේපළපලව සැබැවින්ම නොතිබුණු නමුත් තිබී විනාශ වූ භාණ්ඩ යැයි ව්‍යාජ ලයිස්තු සකස් කරමින් ඒ සදහාද වන්දි ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව පුවත්පත වාර්තා කරයි.