මැති ඇමති නිවාස ගිනි තැබීම;
හානිය යළි තක්සේරු කිරීමට
විමර්ෂණ නිළධාරීහූ කටයුතු කරති.
අයිලන්ඩ් පුවත්පත.
මැයි නම වන දා ගාළු මුවදොර නිරායුධ අරගලයට පහර දීමෙන් පසුව ඇති වූ මහජන ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ විනාශයට පත් වූ මැති ඇමති දේපළවල වටිනාකම යළි තක්සේරු කිරීමට විමර්ෂණ නිළධාරීන් කටයුත-ු කරමින් සිටින බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාල ඉල්ලීම විමර්ෂණ නිළධාරීන්ට යොමු කර ඇති බවයි පුවත්පත වාර්තා කරන්නේ.
මැති ඇමතිවරු බොහෝ පිරිසක් විනාශ වූ ඔවුන්ගේ දේපළ සදහා අසාධාරණ වන්දි මුදල් ඉල්ලා ඇති බව පසුගිය අයිලන්ඩ් පුවත්පතේ සහෝදර සිංහල පුවත්පත වන දිවයින පුවත්පත වාර්තා කර තිබුණි.