‘මැති ඇමති වත්කම් බැරකම් ප්‍රකාශ එළියට ඒම වැළැක්වීමට බළධාරීන් ගත් සෑම උත්සාහයක්ම පරාදයි…!’ ‘සියළු තොරතුරු මහජනතාව දැන ගත යුතුයි…!’ අභියාචනාධිකරණය කියයි.

0
303

‘මැති ඇමති වත්කම් බැරකම් ප්‍රකාශ
එළියට ඒම වැළැක්වීමට බළධාරීන් ගත්
සෑම උත්සාහයක්ම පරාදයි…!’
‘සියළු තොරතුරු මහජනතාව දැන ගත යුතුයි…!’
අභියාචනාධිකරණය කියයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් සහ ඊට අදාල තොරතුරු මුදා හරින ලෙස මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ඉල්ලීම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරිමෙන් පසුව අදාල මාධ්‍යවේදියා විසින් එකී කාරණය අභියාචනාධිකරණය දක්වා ගෙන ගොස් ඇති අතර, අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ අදාල තොරතුරු මහජනතාවගේ දැන ගැනීම පිණිස මුදාහැරිය යුතු බවයි.

මාධ්‍යවේදී චාමර සම්පත් විසින් තොරත-ුරු දැන ගැනීමේ පනත යටතේ, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු අදාල බළධාරීන් විසින් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මාධ්‍යවේදීයා තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර තොරතුරු කොමිසම අවසානයේ දී අදාල තොරතුරු මාධ්‍යවේදියාට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු බළධාරීන්ට නියෝග කර තිබුණි.

ඊට එකග නොවූ පාර්ලිමේන්තු බළධාරීන් තොරතුරු කොමිසමේ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අබියාචනයක් ගොනු කර තිබේ.

නමුත් අභියාචනාධිකරණය ද තීන්දු කර ඇත්තේ අදාල තොරතුරු මහජනතාවගේ දැන ගැනීම පිණිස ලබා දිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =