මැයි නමය ගෝඨා ගෝ ගමට පහර දීම. “පොලිස්පති සහ දේශබන්ධු රාජකාරිය පැහැර හැරලා..! තුවාල ලැබූවන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි..!” මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි.

0
136

අරලිය ගහ මන්දිරයේ සිට කි‍්‍රයාත්මක වූ මැර කණ්ඩායම් පසුගිය මැයි මාසයේ නම වන දා නිරායුධ ගෝඨා ගෝ ගම අරගලයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කළ ලංකා මානව හිමිකම් කොමිසම, එම ම්ලේච්ඡු ප‍්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති වරයා සහ දේශබන්ධු තෙන්නකෝන් යන අයට එරෙහිව විමර්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.

එමෙන්ම, මැර කණ්ඩායම විසින් නිරායුධ අරගලකරුවන්ට එල්ල කරන ලද ම්ලේච්ඡු ප‍්‍රහාරයේ දී තුවාල ලැබූ පිරිස් වෙත සාධාරණ වන්දියක් ගෙවන ලෙසද කොමිසම නිර්දේශ කර තිබේ.

එම වන්දිය පොලිසිය විසින් ගෙවිය යුතු බවද මානව හිමිකම් කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − two =