මැයි නමය පාකිස්තානය ගිනිගනී..! ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ හමුදා මූලස්ථානයත් වටලති.

0
784

මැයි නමය පාකිස්තානය ගිනිගනී..!
ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ
හමුදා මූලස්ථානයත් වටලති.


හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, පකිස්තානය තුළ ඉතාමත්ම බිහිසුණු තත්ත්වයක් උදා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ හමුදා අතර ගැටුම්, කරච්චි, ලාහෝර් සහ පෙෂ්වාර් ඇතුළු නගර කිහිපයකම මේ වන විටත් සිදුවෙමින් පවතින බව පැවසේ.

රාවල්පින්ඩී හි පිහිටි පාකිස්තාන හමුදා මූලස්ථානයද ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විසින් වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, පාකිස්තානය තුළ අන්තර්ජාල පහසුකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තා වේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු අධිකරණ සංකීරණය තුළ සිටිය දී ය. ඒ සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රවිනිශ්චයකාරවරයා ඔහුගේ විරෝධය රජයට පළ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − 2 =