මැයි නමය භීෂණය;
ශවේන්ද්‍රට සහ පොලිස්පතිට එරෙහිව
නොතීසි නිකුත් කරයි.
පසුගිය මැයි නම වනදා මැති ඇමති දේපළ ගිනි තබමින් රට පුරා දියත් වූ දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා මාලාව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු විසි දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමකට අදාලව හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා පොලිස්පති ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
ඒ පෙබරවාරි 24 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.
පෙත්සම්කරුවන් පවසන්නේ, මැයි නමවනදා ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සදහා එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් නියෝද ඉහත කී වගඋත්තරකරුවන් විසින් හිතාමතාම නොතකා හැර ඇති බවයි.