මැයි නම වෙනිදා මැති ඇමති නිවාස ගිනි තැබීම; පොලිස් ස්ථානාධිපතිවරු 23 කට මාරු වීම්.

0
428


මැයි නම වෙනිදා මැති ඇමති නිවාස ගිනි තැබීම;
පොලිස් ස්ථානාධිපතිවරු 23 කට මාරු වීම්.


මැයි නමවනදා ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා පාලනය කිරීමට අපොහොසත් වීම සැලකිල්ලට ගනිමින් පොලිස් ස්ථානාධිපතිවරු 23 දෙනෙකුට මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

කෙසේ වෙතත් පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත් කර තිබෙන්නේ ඒ සදහා සුදුසුකම් ඇති අය නොවන බව පොලිස්පතිවරයා විසින් මීට පෙර හෙළිකර තිබුණි.

මීට පෙර පොලිස්පතිවරයා විසින්ම පවසා තිබුණේ 2021.01.01 දිනයේ සිට 2021.11.03 දක්වා කාලය තුළ පොලිස් ස්ථානාධිපතිවරු 184 දෙනෙකු පත් කර ඇති නමුත් ඔවන් සියළු දෙනා අතරින් සුදුසුකම් මත පත්වීම් ලබා දී ඇත්තේ දෙදෙනෙකුට පමණක් බවයි.

අනෙක් එකසිය අසූ දෙදෙනාම පත් කර තිබෙන්නේ දේශපාලනඥයන්ගේ උවමනාවන් මත බවද පොලිස්පතිවරයා පවසා තිබුණි.

මේ පිළිබදව කරුණු පැහැදිලිකරමින් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත 2011.12.06 වන දින යවා තිබුණු රහසිගත ලිපියක් සිලෝන් ටුඩේ වෙබ් අඩවිය 2022 මැයි 18 වන දා ප්‍රසිද්ධියට පත්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 9 =