මිට්සුබිෂී සමාගම පමණක් නොවේ;
ජපන් තායිසේ සමාගම ද
ලංකාව හැර යාමට සූදානම්..!
ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නවතා දමන බව පසුගිය සතියේ දී මිට්සුබිෂී සමාගම විසින් ප්‍රකාශ කර තිබුණි.
අළුත්ම වාර්තාවන්ට අනුව මිට්සුබිෂී සමාගම පමණක් නොවේ තායිසේ නමින් හදුන්වන සමාගමට ලංකාව හැර යාමට සූදානමින් සිටියි.
ඉහත සදහන් සමාගම් දෙකම ඔවුන් ලංකාව අතහැර යාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ රට බංකොලොත් වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇති ව තිබෙන ආර්ථික තත්ත්වයයි.
තායිසේ සමාගම, කටුනායක ගුවන් තොටුපලේ දෙවන අදියර සංවර්ධනය කිරීමේ කොන්තරාත්තුව ලබාගෙන තිබුණු සමාගමයි.
2022 වසරේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී කැබිනට් අමාත්‍යවරයෙකු ඩොලර් මිලියන ගණනක අල්ලසක් ඉල්ලා ඇති බවට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබුණේ ද තායිසේ සමාගමෙනි.
නුදරේදීම ලංකාවේ ව්‍යාපෘති අත්හැර යන බවට වාර්තා වන්නේ ද එම තායිසේ සමාගමයි.
කෙසේ වෙතත් ගුවන්තොටුපල සංවර්ධනය සදහා ජයිකා ආයතනය ලබා දී තිබෙන අරමුදල් ඉවත් කර නොගන්නා බව ජයිකා ආයතනය පවසා තිබේ. ඒ අනුව තායිසේ සමාගම වෙනුවනට වෙනත් ජපාන සමාගමක් අදාල ව්‍යාපෘතියට ඉදිරියේ දී භාර ගනු ඇති බවට වාර්තා වේ.