” මින් ඉදිරියට අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගහන්න එන්න එපා..!” සරත් වීරසේකර ඇමරිකානු තානාපතිනියට කියයි.

0
428

ජන අරගල සමයේ සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු;
“මින් ඉදිරියට අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට
ඇගිලි ගහන්න එන්න එපා..!”
සරත් වීරසේකර ඇමරිකානු තානාපතිනියට කියයි.

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස මෙරට ඇමරිකානු තානාපතිනියට දැනුම් දිය යුතු යැයි, සරත් වීරසේකර මහතාගේ සභාපතීත්වයෙන් යුතු ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.

පසුගිය වසරේ මැයි නම වන දා සිදුවීම් මාලාවට පසුව, ඇමරිකානු තානාපතිනිය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලෙස මෙම නිර්දේශය ඉදිරිපත් ව තිබේ.

ජාතික ආරක්ෂාවට අදාල කරුණු සාකච්ඡා කිරීම සදහා, කමිටු සාමාජිකයන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධහමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සති දෙකකට පෙර දී පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වී තිබේ.

ඒ අනුව, කමිටු සභාපති සරත් වීරසේකර මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්, මැයි නමය සිදුවීම්මාලාවෙන් පසුව, ඇමරිකානු තානාපතිනිය සිදුකළ ප්‍රකාශ පිළිබදව කණස්සල්ල පළකර තිබේ.

නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, සාමකාමී විරෝධය දැක්වීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරන ලෙසත්, තානාපතිනිය, ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබුණි.

ටයර් පුළුස්සා දමමින්, අධිවේගී මාර්ග අවහිර කරමින්, තෙල් බවුසර්වල ටයර් කපමින්, පොලිසියට පහර දෙමින් සිදු කළ විරෝධය සාමාකාමී විරෝධයක් ලෙස සැලකිය හැකි දැයි සරත් වීරසේකම මහතා ප්‍රශ්න කරයි.

එමෙන්ම, පොලිසිය නිරායුධ පුරවැසියන්ට වෙඩි තබනවා යැයි කීමෙන් ඇමරිකානු තානාපතිය සිදුකර තිබෙන්නේ ජාත්‍යන්තර ඉදිරියේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අහිතකර පණිවිඩයක් ලබා දීමක් යැයි ද සරත්වීරසේකර මහතා පවසයි.

වියානා සම්මුතියට අනුව, තානාපතිවරුන්ට, වෙනත් රටක අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බව පවසන සරත් වීරසේකර මහතා, මින් ඉදිරියට එවැනි ක්‍රියාවන්ගෙන් ඈ වළක්වන ලෙස නිර්දේශ කර තිබේ.

ඩේලි මිරර් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =