මින් ඉදිරියට ප්‍රභූ පර්යන්තයෙන් එනමැති ඇමතිවරුන්ගේ ගමන් මලු පරීක්ෂාවට..!

0
103

මින් ඉදිරියට
ප්‍රභූ පර්යන්තයෙන් එන
මැති ඇමතිවරුන්ගේ
ගමන් මලු පරීක්ෂාවට..!


මින් ඉදිරියට ප්‍රභූ පර්යන්තයෙන් රට තුළට පැමිණෙන හෝ රටින් බැහැරව යන මැති ඇමතිවරුන්ගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙන බව රේගුව පවසයි.

ඒ සදහා අවශ්‍ය ස්කෑන් යන්ත්‍රයක් ප්‍රභූ පර්යන්තයේ සවි කිරීමට කටයුතු කර තිබෙන බව ද වාර්තා වේ.

පසුගිය අගහරුවාදා දිනයේ දී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, ප්‍රභූ පර්යන්තය හරහා රන් කිලෝ තුන හමාරක් සහ ජංගම දුරකථන තොගයක් රටට ගෙන ඒමට උත්සාහ දැරීමත් සමග රේගුව මෙම පියවර ගෙන තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ සිට අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා සය වතාවක් ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර, මන්ත්‍රීවරයා හොරබඩු ජාවාරමකට සම්බන්ධ බවට සැක කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =