‘මිරිහානෙන් ආරම්භ වී, මැති-ඇමති නිවාස ගිනිතැබීම දක්වා ප්‍රචණ්ඩ සිදුවීම් විමර්ෂණයට පත් කළ කමිටුවේ වාර්තාව ලබා දෙන්න…!’ මැතිඇමතිවරු ජනපතිගෙන් ලිඛිතවම ඉල්ලති.

0
67

‘මිරිහානෙන් ආරම්භ වී
මැති-ඇමති නිවාස ගිනිතැබීම දක්වා
ප්‍රචණ්ඩ සිදුවීම් විමර්ෂණයට පත් කළ
කමිටුවේ වාර්තාව ලබා දෙන්න…!’
මැතිඇමතිවරු ජනපතිගෙන් ලිඛිතවම ඉල්ලති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරියේ, පසුගිය මාර්තු 31 වනදා රාත්‍රියේ ඇති වූ මහජන විරෝධතාවයේ සිට මැයි 09 වන දා රට පුරා පැන නැගුණු දැවැන්ත විරෝධතාවය අතර ඇති වූ සියළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධියට පත්කරන ලෙස මැති ඇමතිවරුවරු රැසක් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා අදාල විමර්ෂණ භාර දී තිබුණේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකටයි.

කමිටුව විසින් සකස් කර තිබෙන වාර්තාව තුළ අදාල ප්‍රචණ්ඩ සිදුවීම් පාලනය කිරීම සදහා එවකට රජයේ ඉහළම තනතුරක් දැරූ නිළධාරියෙකු ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බවට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =