මිල සූත්‍රය ක්‍රියාත්මක කරනු..!
බස් සංගම් ඇමතිට බලකරයි.
ලෝක වෙළද පොලේ බොරතෙල් මිල පහත වැටී තිබියදීත් මෙරට ඉන්ධන මිල අඩු නොකරන්නේ මන්දැයි රජය කරුණු පැහැදිලි කළ යුතු බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
ලෝක වෙළද පොලේ ඉන්ධන මිල උච්ඡාවචනයට සාපේක්ෂව සෑම මසකම පළමුවැනිදා සහ පහළොස්වැනිදා මෙරට ඉන්ධන මිල උච්ඡාවචනය කරන බව විෂය භාර අමාත්‍යවරයා වන කාන්චන විජේසේකර මීට පෙර පවසා තිබුණි.
සැප්තැම්බර් පළමුවැනිදා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකළ අමාත්‍යවරයා සැප්තැම්බර් පහළොස්වෙනිදා ඉන්ධන මිල වෙනස් වනු ඇතැයි මීට පෙර පුරෝකථනය කර තිබුණි.
නමුත් පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා අසමත් විය.