මුදල් අමාත්‍යංශයේ ලේකම් වගඋත්තරකරුවෙකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

0
221

මුදල් අමාත්‍යංශයේ ලේකම්
වගඋත්තරකරුවෙකු කරමින්
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.


2023 අයවැය ලේඛනය මගින් පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා වෙන්කර තිබෙන මුදල් මැතිවරණ කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

අදාල පෙත්සම මගින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම්කරයි.

මැතිවරණයට අදාල මුදල් ලබා නොදීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =