මුදල් අමාත්‍යංශ ලේකම්
අද මැතිවරණ කොමිසමට කැදවයි.
පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ඇතුළු අනෙකුත් නිළධාරීන් අද කොමිසම හමුවට කැදවන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.
එමෙන්ම තැපැල් ඡන්දය කල් නොදමා කලින් සැලසුම් කළ පරිදි එය පැවැත්වීමට උත්සාහ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබේ.
දැනට උද්ගතව තිබෙන තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට උත්සාහ කරන බව පවසා ඇති මැතිවරණ කොමිසම එසේ විසදා ගැනීමට නොහැකි වුවහොත් ගත යුතු නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද පවසයි.