‘මුදල් අමාත්‍යංශ ලේකම් අධිකරණයට අපහාස කළාද..?’ විජිත සහ මද්දුමබණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩු අද විභාගයට ගනියි.

0
96

‘මුදල් අමාත්‍යංශ ලේකම් අධිකරණයට අපහාස කළාද..?’
විජිත සහ මද්දුමබණ්ඩාර
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩු
අද විභාගයට ගනියි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී තිබුණු නියෝගය නොතකා හරිමින් මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මුදා නොහැරීමෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අධිකරණයට අපහාස කර ඇති බවට යෝජනා කරමින්, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් එහි මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් අද දිනයේ දී විභාගයට ගැනීමට නියමිත ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + sixteen =