මුදල් කාරක සභාවේ සභාපති දූරය හර්ෂට ලබා දීමට ජනපති එකග වෙයි.
මුදල් කාරක සභාවේ සභාපති දූරය සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පත් කිරීමට ජනාධිපතිවරයා එකග වූ බව වාර්තා වේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අද පාර්ලිමේන්තුවේ දී හෙළිකර සිටියේ ය.
පෙරේදා දිනයේ දී තමන් ඇතුළු සජබ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වූ බවත්, ඒ අවස්ථාවේ දී මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස හර්ෂද සිල්වා පත් කිරීමට ජනාධිපතිවරයා එකග වූ බවත් මන්ත්‍රීවරයා පැවසයී ය.
අග්‍රාමාත්‍යවරයා ද ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සිටි අතර ඔහු ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කලේ නැත.