මුදල් මුද්‍රණය රජයට දැන් තහනම්..! සල්ලි අච්චු නොගසා රුපියල් බිලියන 450 කින් රාජ්‍ය ආදායම වැඩිකරගත යුතුයි..!

0
873

මුදල් මුද්‍රණය රජයට දැන් තහනම්..!
සල්ලි අච්චු නොගසා රුපියල් බිලියන 450 කින් රාජ්‍ය ආදායම
වැඩිකරගත යුතුයි..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් ලෙස ගෙන ආ, නව මහබැංකු පනත, පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන බැවින්, තව දුරටත් හිතූ හිතූ ලෙස මුදල් මුද්රණය කිරීම රජයට සිදු කළ නොහැකි ය. ඒ අනුව, අයවැය හිගය පියවා ගැනීම සදහා, තමන් සතු ආයතන පද්ධතිය මෙහෙයවා මුදල් උපයා ගැනීමට රජයට බල කෙරී ඇත.

වාර්තාවන අන්දමට, සෑම අයවැයකටම පසුව, රජය රුපියල් බිලියන හයසීයයක පමණ මුදලක් අළුතින් මුද්රණය කරයි. ඊට අමතරව, වැටුප් ගෙවීම ආදී තවත් අවශ්‍යතා වෙනුවෙන් රජය වරින් වර මුදල් මුද්රණය කරන අතර, දැන් ඒ සියල්ල අත්හිටුවීමට රජයට බල කෙරී ඇත.

ඒ අනුව, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 450 කින් පමණ ඉහළ දමා ගැනීමට රජයට සිදුව තිබේ.

එම වගකීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන වෙත පැවරී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =