“මුදල් විශුද්ධිකරණය සහ
ත්‍රස්තවාදී මූල්‍යකරණය
ලංකාවට එල්ල කරන තර්ජනය
මධ්‍යම ප්‍රමාණයේ එකක්.” මූල්‍ය බුද්ධි ඒකක කියයි.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය (ටෙරරිස්ට් ෆයිනෑන්සින්, ත්‍රස්තවාදී සංවිධාන හෝ ත්‍රස්ත ක්‍රියා සදහා මුදල් සැපයීම) සම්බන්ධයෙන් පවතින ජාතික අවදානම තක්සේරු කිරීමේ දී, ඹ්‍රී ලංකාව මධ්‍යම අවදානමක් සහිත රටක් ලෙස හදුනාගෙන තිබේ.
අවදානම තක්සේරු කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි. මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතී.
උණ්ඩියල් සහ හවාලා වැනි නීති විරෝධී ක්‍රම ඔස්සේ විදේශ ප්‍රේෂණ රට තුළට එවීම, රටට ඇති ඉහළම මූල්‍ය තර්ජනය ලෙස හදුනා ගනියි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, අල්ලස් සහ දූෂණ, රේගුව ආශ්‍රිතව සිදුවන අනීතික ක්‍රියා, “මධ්‍යම ඉහළ” මට්ටමේ තර්ජන ලෙස හදුනාගෙන තිබේ.
වංචා, මංකොල්ල කෑම්, පාරිසරික සහ ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් සිදුවන අපරාධ, මධ්‍යම “මට්ටමේ” තර්ජන ලෙස හදුනාගෙන තිබෙන අතර, මිනිස් ජාවාරම, බදු පැහැර හැරීම, නීති විරෝධී මසුන් ඇල්ලීම, “මධ්‍යම පහළ” තර්ජන ඛාණ්ඩයට අයත් වේ.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්රණය ආර්ථිකයට එල්ල කර තිබෙන තර්ජනය ඉතාම පහළ මට්ටමක පවතී.
මූල්‍ය බුද්ධි ඒකකය ලබා දී තිබෙන මෙම වාර්තාව මත පදනම් වී, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කරනු ඇත.
