මුදලිගේට නිදහස ඉල්ලා
පෙත්සමකට අත්සන තැබූ
පොලිස් පරීක්ෂකට
ස්ථාන මාරුවක්..!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය සංගමය විසින් අත්සන් කරන පෙත්සමකට සිය අත්සන තැබූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාශයට මාරු කර යවා ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මෙම සිදුවීම පසුගිය 30 වන දා සිදුව ඇති අතර පොලිස් පරීක්ෂකවරයා සිය නිල ඇදුමෙන් පැමිණ මෙසේ එම පෙත්සමට අත්සන තබා තිබේ.
අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, බදුබර සහ බඩුමිල අඩු කිරීම, නිදහස් අධ්‍යාපන සුරැකීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය මෙම පෙත්සමට අත්සන් එකතු කර තිබේ.