මුදලිගේ තවමත් මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර නෑ.

0
128

මුදලිගේ තවමත්
මහේස්ත්‍රාත් අධිකරණයකට
ඉදිරිපත් කර නෑ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මේ දක්වා මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර නැති බව ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

රැදවුම් භාරයේ සිටින ශිෂ්‍ය නායකයා වහාම මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස පසුගිය දහවෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රස්ත විමර්ෂණ ඒකකයට නියෝග කර තිබුණි.

ඊට අමතරව වසන්ත මුදලිගේ කරාපිටිය රෝහලේ වෛද්‍ය සායනයකට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයද මේ දක්වා ක්‍රියාත්මක කර නැති බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 11 =