‘මුදලිගේ වහා මුදා හරිනු..!’
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය- හියුමන්රයිට් වොච් ඇතුළු
මානව හිමිකම් සංවිධාන හතක් රජයට බලකරති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිෂ්‍ය නායක වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙසට කීර්තිමත් මානවහිමිකම් සංවිධාන හතක් රජයෙන් ඉල්ලා සිටියි.
අද දිනයේ දී එම ඉල්ලීම රජයට ඉදිරිපත් කර තිබෙන සංවිධාන හත පහත දැක් වේ.
Amnesty International,
Asian Forum for Human Rights and Development (FORUM-ASIA),
CIVICUS,
Frontline Defenders,
Human Rights Watch,
International Working Group on Sri Lanka,
Sri Lanka Campaign for Peace and Justice.
2022 අගෝස්තු 18 වන දා වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබී ය.
ඉන් පසුව අගෝස්තු 21 වන දා සිට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත ඔහු රැදවුම් භාරයට පත් කරන ලදී.
අදට වසන්ත මුදලිගේ රැදවුම්භාරයට ගෙන දින 150 ක් සම්පූර්ණ වේ.
හෙට දිනයේ දී වසන්ත මුදලිගේ නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප නිර්දේශ කිරීමේ හැකියාව විනිසුරුවරයාට ලැබෙන්නේ ඒ සදහා නීතිපති නිර්දේශය ලැබෙන්නේ නම් පමණි.