මුදලිගේ සහ සිරිධම්මි හිමි අධිකරණයට ඉදිරිපත් කරයි. ඔවුන්ගේ රැදවුම් කාලය දීර්ඝ නොකරයි.

0
762

මුදලිගේ සහ සිරිධම්මි හිමි අධිකරණයට ඉදිරිපත් කරයි.
ඔවුන්ගේ රැදවුම් කාලය දීර්ඝ නොකරයි.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිට එරෙහිව පනවා තිබෙන රැදවුම් නියෝග දීර්ඝ නොකරන තත්ත්වයක් උදා වී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ රැදවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරනු ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් දෙදෙනා දින අනූවක් රදවා තබා ගැනීමට අවසර දී තිබුණු අතර එම දින අනූව හෙටින් අවසන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 17 =