මෙන්ඩිස්, වයඹ ඩිස්ටලරීස් ඇතුළු
අරක්කු නිෂ්පාදන සමාගම් පහක
බලපත්‍ර අත්හිටුවයි..!
තවත් සමාගම් තිබෙන නිසා
මත්පැන් හිගයක් ඇති නොවේ..!
බදු ගෙවීම් පැහැර හැර ඇති අරක්කු නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව, තවදුරටත් මත් පැන් නිෂ්පාදනය සහ බෙදාහැරීම එකී සමාගම් වෙත තහනම් ය.
අදාල සමාගම් පහ සදහා, හිග බදු මුදල් ගෙවීමට ඊයේ දිනය දක්වා කල් ලබා දී තිබුණි.
නමුත් ඔවුන් අදාල හිග බදු නොපියවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත්, රට තුළ තවත් මත්පැන් නිෂ්පාදන සමාගම් ඇති බැවින්, මත් පැන් හිගයක් ඇති වේයැයි අනිසි බියක් ඇති කරගත යුතු නැති බවද සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.