‘මෙය හිරිහැර කිරීමක් නොවේ; කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා ස්ථානගත කිරීමකි.’ පොලිස් කොමිසමේ සභාපති මාධ්‍යයට කියයි.

0
707

‘මෙය හිරිහැර කිරීමක් නොවේ;
කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා
ස්ථානගත කිරීමකි.’
පොලිස් කොමිසමේ සභාපති
මාධ්‍යයට කියයි.


පසුගිය නොවැම්බර් 12 වන දා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, පානදුර දකුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ යන නිළධාරියා විසින් එම අවස්ථාවට සහභාගී වී සිටි පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකු, ගෙලෙන් අල්ලා ඉදිරියට තල්ලු කරන දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ සිද්ධිය ඉන්පසු මහත් ආන්දෝලනයක් සමාජය තුළ ඇති කළේ ය.

කෙසේ වෙතත්, එම සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ එය එම පොලිස් නිළධාරියා විසින් අදාල පොලිස් නිළධාරිනියන් දෙදෙනාට කළ හිරිහැරයක් ලෙස සැලකිය නොහැකි බවයි.

විරෝධතා පුවරු රැගත් කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව තිබුණු බවත්, කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා කාන්තා පොලිස් නිළධාරිනියන් සිටිය යුතු බවත් පවසා ඇති පොලිනස් කොමිසමේ සභාපතිවරයා, එම අවස්ථාවේ දී කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදනා සිද්ධිය වන ස්ථානයට පිටුපසින් සිට ඇති බැවින් ඉහළ පොලිස් නිළධාරියා කර ඇත්තේ ඔවුන් දෙදෙනා ඉදිරියට යොමු කිරීම බවද පවසා තිබේ.

ඒ අනුව එය හිරිහැර කිරීමක් නොව ස්ථානගත කිරීමක් බව ඔහු අර්ථනිරූපනය කර තිබේ.

පොලිස් නිළධාරිනියන් දෙදෙනාගේ ගෙලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක් ලෙස තමන් දකින නමුත් එය එම නිළධාරිනියන් දෙදෙනාට හිංසා කිරීමක් සේ තමන් නොදකින බව පොලිස් කොමිසමේ සභාපතිවරයා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 8 =