මෙරට ඉන්ධන වෙළදපොලට චීනයත් ඇතුළු වීමට සූදානම්…!

0
763

මෙරට ඉන්ධන වෙළදපොලට
චීනයත් ඇතුළු වීමට සූදානම්…!

මෙරටට ඉන්ධන ආනයනය කිරීම සහ රට තුළ ඉන්ධන අලෙවි කිරීමේ ව්‍යාපාරය සදහා චීනයේ ප‍්‍රධානතම සමාගමක් වන සිනොපෙක් සමාගමද පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල තවත් නව සමාගම් සදහා මෙරට ඉන්ධන වෙළද පොල විවෘත කිරීමට පසුගිය ජූනි මාසයේ දී කැබිනට් මණ්ඩල අවසරය ලබා දී තිබුණි.

ඒ, ඩොලර් අර්බුදය මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් සිදුකර තිබෙන තත්ත්වයක යි.

මේ වන විට මෙරට ඉන්ධන සැපයුමෙන් 90 ක් ශ‍්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකරන අතර, 10% ක ප‍්‍රමාණයක් ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් සිදු කරයි.

පැමිණීමට නියමිත චීනයේ සිනොපෙක් ආයතනය සතුව දැනටමත් හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ඉන්ධන ගබඩා සංකීර්ණයක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + four =