මෙරට ඉන්ධන වෙළද පොළ විදේශීය සමාගම් වෙත විවෘත කිරීමට සූදානම්…! අගෝස්තු 16 අයදුම්පත් කැදවයි.

0
174

මෙරට ඉන්ධන වෙළද පොළ විදේශීය සමාගම් වෙත විවෘත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, රජය, ඉන්ධන ආනයනය – බෙදා හැරීම සහ අලෙවිය සදහා සුදුසු සමාගම් ඉන්ධන නිෂ්පාදනය කරන රටවලින් සොයමින් සිටියි.

ඉන්ධන ආනයන සදහා ඩොලර් මිලියන 600 ක පමණ මුදලක් රජයට අවශ්‍ය ය.

එම මුදල සොයා ගැනීමට නොහැකි වීම රජය මුහුණ දී සිටින ප‍්‍රධාන ගැටළුවකි.

මෙරට ඉන්ධන වෙළද පොලට පිවිසීමට කැමති සමාගම් වලින් අගෝස්තු 16 වන දා වන විට අයදුම්පත් කැදවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සූදානම් වේ.

මෙරට විදේශ විනිමය මත පදනම් නොවී, ඔවුන්ගේම විදේශ විනිමය භාවිතා කරමින් ඉන්ධන ආනයනය කිරීමට අදාල සමාගම් කැමති විය යුතු ය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සහ අනෙකුත් යටිතල පහසුකම් භාවිතා කිරීමට අදාල සමාගම්වලට අවසර ලැබේ.

මේ වන විට මෙරට ඉන්ධන වෙළදපොළොන් 85% ක් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් හොබවන අතර, 15% ක් ලංකා ඉන්දීය ඔයිල් සමාගම හොබවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − eight =