මෙරට මන්දපෝෂණ තත්ත්වය
12% සිට 14% දක්වා ඉහළ ගිහින්.
සෞඛ්‍ය ඇමති.
මෙරට මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට සාපේක්ෂව 2% කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.
පසුගිය වසරේ මන්දපෝෂණ තත්ත්වය පැවතියේ 12% ක් ලෙසයි.
එය මේ වන විට 14% දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙරට මන්ද පෝෂණය තත්ත්වය ඉහළ ගොස් ඇතැයි විවිධ පාර්ශ්ව විසින් කර තිබුණු හෙළිදරව් කිරීම් අවස්ථා කිහිපයක දී ම ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
නමුත් ඊයේ දිනයේ දී මෙරට මන්ද පෝෂණ තත්ත්වයේ ඉහළ යාමක් සිදුව තිබෙන බව අමාත්‍යවරයා පිළිගෙන තිබේ.