“මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම සදහා
චීන නැවට තවමත් අවසර දී නෑ..!”
විදේශ කටයුතු අමාත්‍යංශය.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමටත්, කොළඹ වරායේ නැංගුරම් ලෑමටත් අවසර දෙන ලෙස ඉල්ලා, ෂී යැන් 6 නෞකාව විසින් කරන ලද ඉල්ලීමට මෙතෙක් ශ්‍රී ලංකා රජය සිය අනුමැතිය ලබා දී නැති බව විදේශ කටයුතඳා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ෂී යෑන් 06 යනු, සාගර විද්‍යාව, සමුද්‍රීය භූ විද්‍යාව සහ සමුද්‍රීය පරිසර විද්‍යාව පිළිබද පර්යේණ සිදුකරනු ලබන නෞකාවකි.
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අදාල පර්යේෂණ කටයුතු සිදු කිරීම සදහා ෂී යෑන් 06 නෞකාව සමග නාරා ආයතනයේ විද්‍යාඥයන්ද එකතු වීමට නියමිත ය.
නැවල ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල මෙරට මුහුදු සීමට ඇතුළු වීමටත්, පසුව කොළඹ වරායේ නැංගුරම්ලෑමටත් නියමිත බව වාර්තා වී තිබුණි.
නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, නැව මෙරට මුහුදු සීමාවට ඇතුළු වන දිනයක් පිළිබදව මේ දක්වා නිශ්චිතව දැනුම් දීමක් කර නැති බවයි.
එමෙන්ම, මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම සදහා ෂී යෑන් 6 නෞකාව කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවමත් සලකා බලමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.