‘මේකට මාව සම්බන්ධ කරන්න එපා.’ නාමල් ඉල්ලයි.

0
1787

‘මේකට මාව සම්බන්ධ කරන්න එපා.’
නාමල් ඉල්ලයි.

දනුෂ්ක ගුණතිලකගේ නීති කටයුතු සදහා වූ වියදම් දරන ලෙස පොහොට්ටු පක්ෂයේ ප්‍රබල නායකයෙකුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් එල්ල වී ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් රෙක්ස් ක්ලෙමෙන්ටයින් නම් මාධ්‍යවේදීයා තබා ඇති ට්වීටර් සටහන පහතින්.

මේ සිදුවීමට තමන් සම්බන්ධ කර නොගන්නා ලෙසත්, ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමට යාමෙන් සිදුවන්නේ රටේ ප්‍රතිරූපයට හා කීර්තියට තව තවත් හානි වීම පමණක් බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව තමන් කිසිදු ක්‍රීඩාවක පරිපාලනයට මැදිහත් වී නැති බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියි.

ඔහුගේ ට්වීටර් පණිවිඩය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =