“එකම උද්ඝෝෂණයකට සහභාගී වූ නමුත්
එක්කෙනෙක්ට හිරගේ උරුම වී ඇති අතර,
අනිත් කෙනාට ජනාධිපති උපදේශක තනතුරක් ලැබී තිබේ.
මේකද යුක්තිය..?”
හර්ෂද සිල්වා අසයි.
ඊයේ දිනයේ දී ජෝසප් ස්ටාලින් අත් අඩංගුවට ගැනීම පිළිබදව සජබ මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එහිදී මන්ත‍්‍රීවරයා ”තෝරාගත්” අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවක් පෙනෙන්ට ඇතැයි සරදම් සහගත ලෙස ප‍්‍රකාශ කරයි.
එකම උද්ඝෝෂණයකට සහභාගී වීම සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින් මහතාට හිර ගෙදරත්,
එම උද්ඝෝෂණයටම සහභාගී වූ තවත් වෘත්තීය සමිති නායකයෙකුට වැදගත් රස්සාවකුත් ලැබී තිබේ.
පොලිසිය විසින් ජෝසප් ස්ටාලින් මහතා අත් අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ මැයි විසි අට වනදා ගාළු මුවදොර පැවති උද්ඝෝෂණයකට ඔහු සහභාගී වූ බව කියමිනි. එම උද්ඝෝෂණයටම තවත් වෘත්තීය සමිති නායකයෙකු වූ සමන් රත්නපි‍්‍රය මහතාද සහභාගී වී සිටි අතර, මේ වන විට ඔහු ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර තිබේ.