“මේ අමාරුව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
දෙවැනි ණය වාරිකය
ලැබෙන තෙක් පමණයි…!”
මුදල් රාජ්‍ය ඇමති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එසේම දෙවැනි ණය වාරිකය ලබා ගැනීම සදහා සම්පූර්ණකළ යුතු කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවය ඇති කර ගැනීම සදහා වූ සාකච්ඡා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජර්මන් සංචාරය අවසන් කොට නැවත දිවයිනට පැමිණීමෙන් පසුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදීමක් ඇති බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, පසුගිය වසර හා සසදා බැලීමේ දී මේ වසරේ රාජ්‍ය ආදායම 43% කින් වර්ධනය වී ඇති බවද පවසයි.
ශ්‍රී ලංකාව, මේ වන විට රටක වශයෙන් අමාරුම කාලය පසුකරමින් සිටින බව බවසන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාර්කය ලැබීමෙන් පසුව, 2024 වසරේ සිට, තවදුරටත් සුබවාදී අනාගතයක් කරා ලංකාව ගමන් කරනු ඇති බවටද විශ්වාස කරයි.