මේ අයට ඇමති ධූර අවශ්‍යයි.
පොහොට්ටු පක්ෂය ජනපතිගෙන් ඉල්ලයි.
ඉදිරියේ දී පිහිටුවන ලබන කැබිනට් මණ්ඩලය සදහා පොහොට්ටු පක්ෂය ඔවුන්ගේ නිර්දේශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නි ආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, කාන්චන විජේසේකර, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සීබී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ රමේෂ් පතිරණ යන අයගේ නම් යෝජනා වි ඇති බව පුවත්පත වාර්තා කරයි.
ඉදිරියේ දී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික රජයේ ප්‍රධාන වගකීම පොහොට්ටු පක්ෂයට හිමිවන බවත් එම වගකීම් දරමින් ජනතාවට සේවය කිරීම පක්ෂයේ වගකීම බවත් පක්ෂ ලේකම් සාගර කාරියවසම් පැවසී යැයි පුවත්පත වාරතා කර තිබේ.