මේ කොන්දේසිවලට එකගයි නම්
සර්වපාක්ෂික ආණ්ඩුවකට එකගයි.
ඩලස්ගෙන් ජනපතිට
අමාරු කොන්දේසි 04 ක්.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා විසින් කැදවා තිබුණු සාකච්ඡුාවකට ඊයේ දිනයේ දී තමන් ඇතුළු කණ්ඩායම සහභාගී වූ බව ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රිවරයා පවසයි.
එහිදී, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට අදාලව පහත කොන්දේසි එම පාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබේ.
පළමු කොන්දේසිය වන්නේ, දැනට පත්කර තිබෙන කැබිනට් මණ්ඩලය තවදුරටත් වර්ධනය නොකළ යුතු බවයි. ඒ අනුව, අළුත් කැබිනට් අමාත්‍ය ධූර – රාජ්‍ය අමාත්‍ය ධූර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූර පත් නොකළ යුතුය.
දෙවන කොන්දේසිය නම්, තම පාර්ශ්වය සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට පක්ෂ වුවද, කිසිදු විටෙක කිසිදු කැබිනට් අමාත්‍ය ධූරයක් භාර ගැනීමට තම කණ්ඩායම සූදානම් නැත යන්නයි.
තුන, පාර්ලිමේන්තු අනු කමිටු හරහා වැඩ කිරීමට ඔවුන් සූදානම් බවයි.
හතරවන කොන්දේසිය වන්නේ, කොරෝනා වසංගයට පෙර පැවති කි‍්‍රයාකාරී මට්ටමට රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ගෙන ආ යුතු බවයි.
මෙම කොන්දේසි මත පිහිටා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බව පවසා ඇති මන්ත‍්‍රීවරයා, කෙසේ වෙතත්, මේ මොහොතේ රටේ සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළ නියෝජන නොවන බවද ජනාධිපතිවරයාට පවසා තිබේ.