‘මේ ජයග්‍රහණයට හේතුව නායකත්වය – අසීමාන්තික කැපවීම සහ එකමුතුකමයි..!’ ජනපතිගෙන් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට සුබ පැතුම්.

0
125

මේ ජයග්‍රහණයට හේතුව
නායකත්වය – අසීමාන්තික කැපවීම සහ
එකමුතුකමයි..!
ජනපතිගෙන් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට සුබ පැතුම්.

2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්.

2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුභාශීංසන පිළිගන්වයි.

ආසියානු ක්‍රිකට් තරඟාවලියේ පකිස්තානයට එරෙහිව අවසන් මහා තරඟයෙන් වාර්තාගත විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගනිමින් අපේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීය,

මෙම සියලු ජයග්‍රහණයන්ට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් විය.

ඒ වෙනුවෙන් කැප වූ පුහුණුකරුවන්ටල කළමණාකාරිත්වයට හා පරිපාලනයටද ස්තූතිය පුද කර සිටී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්ත්වය හමුවේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග්‍රහණය තෙක් සියලුදෙනා කළ පොදු කැපවීම ක්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල දෙවන පරපුරට ද මහඟු ආදර්ශයක් බව සඳහන් කරන ජනාධිපතිතුමා මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුදෙනා වෙත හෘදයාංගම ස්තූතිය පිරිනමයි.

ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 4 =