මේ මාසය ඇතුළත අළුත් පොලිස්පතිවරයෙක්..!
“සී.ඩී. ට තවත් සේවා දිගුවක් දෙන්න බෑ.”
පොලිස් කොමිසම
ජනාධිපති ලේකම්කාර්යාලට දැනුම් දෙයි.
දෙවරක්ම සේවා දිගු ලබා සිටින වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දිය නොහැකි බව, ජාතික පොලිස් කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ මාසය තුළ අළුත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට නියමිත ය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දුන් දෙවන සේවා දිගුව ඔක්තෝබර් නමවනදායින් අවසන් වේ.
වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යා යුතුව තිබුණේ මාර්තු මාසයේ 26වන දා ය.