“මේ යුද්ධයට මැදිහත් වෙන්න හිතනවා නම්, එය හිස්බුල්ලා සංවිධානය කර ගන්නා මාරාන්තික අත්වැරැද්දක්..!” ඊශ්‍රායල අගමැති කියයි.

0
378

“මේ යුද්ධයට මැදිහත් වෙන්න හිතනවානම්,
එය හිස්බුල්ලා සංවිධානය කර ගන්නා
මාරාන්තික අත්වැරැද්දක්..!”
ඊශ්‍රායල අගමැති කියයි.

හමාස් සන්විධානය සමග තමන් ගෙන යන සටනට මැදිහත් වීමට නොසිතන ලෙස, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ලෙබනයේ බලවත්ම සටන්කාමී සංවිධානය වන හිස්බුල්ලා සංවිධානයට අනතුරු හගවා තිබේ .

හිස්බුල්ලා සංවිධානය, යුද්ධයට මැදිහත් වුවහොත්, එය ඔවුන් කර ගන්නා මාරාන්තික අත්වැරැද්දක් වනු ඇතැයි ඔහු වැඩි දුරටත් පවසයි.

දැනටමත් ඊශ්‍රායල ලෙබනන් දේශ සීමා ආසන්නයේ, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර දියත් කරමින් සිටියි.

එම දේශසීමාවේ සටන් වදින ඊශ්‍රායල හමුදා ඛණ්ඩ හමු වූ අවස්ථාවේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුරු හැගවීම හිස්බුල්ලා සංවිධානයට සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − three =