මේ රට
ගොඩ දාන්න පුලුවන් කාටද..?
වැඩිම ජනතා විශ්වාසය
මහබැංකු අධිපතිට.
ජනපති රනිල් දෙවන තැනට.
තුන හර්ෂද සිල්වා.
පවතින ආර්ථික අර්බුධයෙන් මේ රට ගොඩ දැමීමේ හැකියාව ඇත්තේ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට බව රටේ ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ හැකියාව මහබැංකු අධිපතිවරයාට පවතින බව සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 56.6% ක් විශ්වාසය පළ කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැකි යැයි විශ්වාස කරන ප්‍රතිශතය 44.5% කි.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ දැථිමේ හැකියාව හිටපු කෝප් කමිටු සභාපති ආචාර්ය හර්ෂද සිල්වාට පවතින බව සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 42.7% ක පිරිසක් විශ්වාස කරති.