මේ වසරේ අගෝස්තු දක්වා සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 900 ක් උපයයි. පසුගිය වසරේ එම කාලය තුළ උපයා තිබුණේ ඩොලර් මිලියන 63.5 ක් පමණි.

0
108

මේ වසරේ අගෝස්තු දක්වා සංචාරක කර්මාන්තයෙන්
ඩොලර් මිලියන 900 ක් උපයයි.
පසුගිය වසරේ එම කාලය තුළ උපයා තිබුණේ ඩොලර් මිලියන 63.5 ක් පමණි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ මුල් මාස අට තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 892.2 ක ආදායමක් උපයාගෙන ඇති බව මහබැංකු වාර්තා පෙන්නුම් කරයි.

වසංගතයෙන් පීඩාවට පත්ව තිබුණු පසුගිය වසරේ දී එම කාල සීමාවට අදාලව සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 63.5 ක් තරම් සුළු ආදායමකි.

මේ වසරේ ජූලි මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන තිබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 85.1 කි. ඊට සාපේක්ෂව අගෝස්තු මාසයේ ආදායම පහත වැටී තිබුණි. අගෝස්තුවේ සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67.9 කි.

කෙසේ වෙතත් සංචාරකයන් සදහා ලංකාව අඩු වියදම් ගමනාන්තයකි.

රුපියලේ අගය පහත වැටීම සංචාරකයන්ගේ පැත්තෙන් ගත් විට ඔවුන්ට යහපත් තත්ත්වයකි.
වසරේ ඉදිරි මාස කිහිපය ත-ුළ තවත් වැඩි සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණෙන් ඇතැයි රජය අපේක්ෂා කරයි.

මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් විසින්ම පනවා තිබුණු සංචාරක සීමා එම රටවල් සියල්ගක්ම පාහේ පසුගියදා ලිහිල් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 13 =