මේ වසරේ අපේක්ෂිත විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 2.2 යි.
මේ දක්වා සපුරාගෙන ඇති ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.29 යි.
2022 අපේක්ෂිත විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක් වූ අතර අගෝස්තු මුල් සතිය වන විට ඉන් අඩක් සපුරා ගැනීමට ලංකාව සමත්ව ඇති බව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේනුකා වීරකෝන් මහත්මිය පවසයි.
ආයෝජන මණ්ඩලය අගෝස්තු මුල් සතිය වන විට ගිවිසුම් 75 කට අත්සන් තබා තිබේ. ඉන් ගිවිසුම් 26 ක් අළුත්ම ව්‍යාපෘති වන අතර අනෙක් ගිවිසුම් 49 දැනට පවතින ව්‍යාපෘති පුළුල් කිරීමට අදාලව අත්සන් තබන ගිවිසුම් ය.
මහබැංකු වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව 2017 වසරේ කැදවාගෙන ඇති විදේශ ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.37 කි.
2018 වසරේ දී පැමිණ තිබෙන විදේශ ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.16 කි.
2019 වසරේ පාස්කු ප්‍රහාරයත් සමග එම අගය ඩොලර් මිලියන 743 දක්වා පහත වැටී තිබේ.
2020 දී එය ඩොලර් මිලියන 434 දක්වා පහත වැටී ඇති අතර 2021 දී යලි ඩොලර් මිලියන 598 දක්වා මද වශයෙන් ඉහළ ගොස් තිබේ.
2022 වසරේ විදේශ ආයෝජන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 2.2 කි.
මේ දක්වා පැමිණ තිබෙන ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 1.29 ක් වන අතර වසර අවසාන වන විට අපේක්ෂිත ඉලක්කය සපුරා ගත හැකි වේයැයි විශ්වාස කරයි.