මේ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 900,000 සීමාවට පැමිණේ.

0
174

මේ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව
900,000 සීමාවට පැමිණේ.


අගෝස්තු මාසයේ මුල් දින විසි හත තුළ, සංචාරකයන් 123,285 දෙනෙකු පැමිණ තිබේ.

ඒ අනුව, ජනවාරි මාසයේ පළමු වැනිදා සිට අගෝස්තු විසි හත් වෙනිදා දක්වා රට තුළට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 891,198 කි.

මෙම ගණන් බැලීම සිදුකර තිබෙන්නේ අගෝස්තු මාසයේ විසි හත් වෙනිදා දක්වා වන අතර, දෛනික සංචාරකයන්ගේ පැමිණීම 4500 ත් 500 ත් අතර වන බැවින්, හෙට දිනය වන විට, මේ වසර දක්වා පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව නම ලක්ෂයේ සීමාව ඉක්මවා යනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

අගෝස්තු මාසය තුළ මෙන්ම වසරේ මේ දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් අතරෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ රුසියාව පිළිවෙළින් ඉන්දියාවට පසුපසින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 15 =