මේ වසරේ මේ දක්වා
සංචාරකයෝ 150,000 ක්
පැමිණෙති…!
ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා සංචාරකයන් 157,230 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව මේ වසරේ මේ දක්වා දෛනිකව පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 3,906 ක් පමණ වේ.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. දෙවනුව ඉන්දියාවෙනි.
එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය පිළිවෙළින් වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ සිටින අනෙක් රටවල් වේ.
ජනවාරි මාසය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 161.8 කි.