මේ වසරේ සංචාරකයන්
මිලියනයක් ගෙන්වා ගැනීම
අපේ ඉලක්කයයි.
මේ වසර තුළ සංචාරකයන් මිලියනයක් ගෙන්වා ගැනීම තම ඉලක්කය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා ඉන්දියාවේ අහමදාබාද්හී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ඉන්දියානු සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පවසා ඇති අමාත්‍යවරයා යාපනය ගුවන්තොටුපල හරහා ඉන්දීය වන්දනාකරුවන්ටලංකාවට පැමිණීමේ අවස්ථාව සලසා දීමට රජය කටයුත-ු කරමින් සිටින බවද දැනුම් දී තිබේ.
වසරේ මේ දක්වා ඉන්දීය සංචාරකයන් 75000 ක් ලංකාවට පැමිණ ඇති බව පවසන අමාත්‍යවරයා ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ වසරේ මුල් මාස තුන තුළ බවද සදහන් කරයි. අපේ්්‍රල් සිට ජූනි දක්වා ඉන්දීය සංචාරකයන් මෙරටට පැමිණීමේ ශීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කර ඇති අතර දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බැවින් ඉදිරි කාලයේ දී තත්ත්වය යහපත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.
මේ වන විට සංචාරකයන් දෙදහසක් පමණ දිවයිනට පැමිණෙති. එම සංඛ්‍යාව හත් දහස දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසයි.