මෛත්‍රීගේ වත්කම් පාලිත රංගේ බණ්ඩාර පෙන්නයි.

0
238

මෛත්‍රීගේ වත්කම්
පාලිත රංගේ බණ්ඩාර පෙන්නයි.

පාස්කු නඩුවේදී වින්දිතයන් වෙනුවෙන් ලක්ෂ දහසක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය නියෝග කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඒ සා විශාල වන්දියක් ගෙවීමට තරම්වන ධනයක් තමන්ට නැති බවයි.

තමන්ට කිසිදු ව්‍යාපාරයක් නැති බව පවසන හිටපු ජනාධිපතිවරයා තමන් ජීවත් වෙන්නේ තමන්ට ලැබෙන වැටුපෙන් බවද පවසා සිටියේ ය.

ඒ අනුව වන්දි වශයෙන් ගෙවීමට නියෝගකර තිබෙන රුපියල් ලක්ෂ දහසක මුදල හිත මිතුරන්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් එකතුකර ගැනීමට තමන්ට සිදුවන බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

මේ අතර පසුගිය සදුදා දිනයේ දී හිරු නාලිකාව ඔස්සේ විකාශය වන සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සතුව දැවැන්ත වත්කම් ප්‍රමාණයක් ඇති බවයි.

ඉන් කිහිපයක් ලෙස ඔහු පහත දැක්වෙන වත්කම් කිහිපය උපුටා දක්වමින් ඒ සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලට (ඔහුගේ සහෝදරයන්ට හෝ ඥාතීන්ට නොවේ) අයත් බව පවසයි.

බැදිවැව හෝටලය කෝටි 15 ට වැඩියි.

පරාක්‍රම සමුද්‍රයට මූණලා තිබෙන මන්දිරය කෝටි 25 යි.

වැලිවේරිය නිවසකෝටි 15 ට වැඩියි.

පොලොන්නරුවේ නිවස කෝටි 02 ට වැඩියි.

කොළඹ සුලෙයිමාන් ටෙරස්වල නිවස.

මීට අමතරව පාස්කු වින්දිතයන්ට ලබා දීම සදහා සවුදියෙන් ලැබුණු රුපියල් ලක්ෂ 92 ක මුදලක් ද හිටපු ජනාධිපතිවරයා ළග තිබෙන බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මෙහි සත්‍ය අසත්‍යතාවය අපට තහවුරු කළ නොහැක.
ඒ පිලිබදව කරුණු පැහැදිලි කිරීම හිටපු ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස අපි දකිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 4 =