මෛත්‍රීගේ සමාව ඇයැදීම
පිළිනොගන්නා බව
පල්ලිය කියයි…!
සිය පාලන සමය තුළ සිදු වූ පාස්කු ප්‍රහාරය තමන්ගේ දැනුවත්භාවයකින් තොරව සිදුවූවක් බව පවසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ නමුත් තමන්ගේ පාලන සමය තුළ එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් කතෝලික ප්‍රජාව එල්ල කර ගනිමින් සිදුවීම පිළිබදව තමන් දෙවියන් වහන්සේගෙන් සහ කතෝලික ප්‍රජාවෙන් සමාව අයැදින බව ද පවසා සිටියේ ය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මෙම සමාව අයැදීම සිදු කලේ ය.
කෙසේ නමුත් මෛත්‍රීගේ සමාව අයැදීම තමන් පිළිනොගන්නා බව කතෝලික සභාව නිවේදනය කරයි.
ජාතික කතෝලික ජන සන්නිවේදන අංශයේ ප්‍රධානී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර තිබේ.
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉවත් නොවීම සම්බන්ධයෙන් ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතු-මා හිටපු ජනාධිපතිවරයා විවේචනයට ලක් කරයි.
ප්‍රහාරය සිදු වන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා විදෙස්ගත ව සිටි අතර වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකර ඔහු විදෙස් ගත වීමද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාවකි.