මෛත්‍රීගේ සහායත් රනිල්ට…!

0
853

මෛත්‍රීගේ සහායත්
රනිල්ට…!
බාධාව; දයාසිරි, කලින්ම ඉවතට…!

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවණයක දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් දයාසිරි ජයසේකර ඉවත් කිරීම පිටුපස ඇත්තේ, එකී සන්ධානය සදහා අනාගතයේ දී ඇතිවිය හැකි බාධා කල්තියා ඉවත් කර ගැනීමේ අරමුණ බව පැවසේ.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ, ජනාධිපතිවරයාට සහාය දැක්වීම සදහා නිමල් ලාන්සා ගොඩ නගමින් සිටින සන්ධානය සමග මේ වන විටත් සමීපව කටයුතු කරති.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ නොකළ යුතු-ය යන ස්ථාවරයක දයාසිරි ජයසේකර මහතා සිටින බව පැවසේ.

ජනාධිපතිවරයාට සහාය දැක්වීම සදහා නිමල් ලාන්සා විසින් ගොඩ නගමින් සිටින සන්ධානය සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේ දී එකග වුවහොත්, ඒ සදහා පක්ෂ මහලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්යය වේ.

ඒ අනුව, මහලේකම් ධූරයේ දයාසිරි ජයසේකර මහතා තවදුරටත් රදවා තබා ගතහොත්, එකී සන්ධානය ගොඩ නැගීමේදී ගැටළුවක් මතු වීමට ඉඩ ඇති බැවින්, පක්ෂයේ ලේකම් ධූරයෙන් දයාසිරි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව, මාධ්‍යවේදීන් ඉදිරියේ මේ සම්බන්ධත්‍යන් අදහස් දැක් වූ අතර, අද ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් ද මේ බව වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =