මෛත්‍රී රනිල්- යහපාලන සමයේ
පලිගැනීමට ලක් වූ රාජ්‍ය නිළධාරීන්ට රුපියල් ලක්ෂ 1170 ක් වන්දි.
රනිල් මෛත්‍රීපාලන සමය හෙවත් යහපාලන සමයේ දී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිරිසකට වන්දි ගෙවීමකට අදාල කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය යුහුසුළුවෙමින් පවතින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.
යහපාලනය සමයේ දී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ කමිටුවක නිර්දේශ මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද – ජන අරගලය මධ්‍යයේ හිටපු ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සිදුවූ බැවින් අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම ප්‍රමාද වී තිබේ.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට වන්දි ලැබීමට නියමිත පිරිස අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ පියදාස කුඩා බාලගේ [රුපියල් මිලිය 24.8 යි] හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් [මිලියන 24 යි] හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග [මිලියන 15 යි.] වසන්ත කරන්නාගොඩ [මිලියන 4.2 යි.]
මෙම පිරිසට අමතරව වන්දිලාභීන් තවත් සිටින අතර සියළු දෙනා වෙනුවෙන් මුල් වටයේ දී ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් ලක්ෂ 1170 කි.