මෛත්‍රී ලක්ෂ දහස එකතු කිරීම
අරඹයි…!
රුපියල් ලක්ෂ දහසක වන්දි මුදලක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ ය. ඒ පාස්කු වින්දිතයන් විසින් ගොනුකර තිබුණු නඩුවකට අනුවයි.
නඩු තීන්දුව කණවැටීමෙන් පසුව ඒ සා වන්දි මුදලක් ගෙවීමට තරම් ධනයක් තමන්ට නැතැයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ ය.
වැඩිදුරටත් ඔහු පවසා සිටියේ කොටුව බෝගහ යටට වී කැටයක් හොල්ලමින් මුදල් එකතු කිරීමට ඔහුට සිදුවන බවයි.
ජනප්‍රිය යූ ටියුබ් මාධ්‍යවේදියෙකු වන සුදත්ත තිලකසිරි හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කොටුව බෝගහ යටට වී මුදල් එක්රැස් කිරීමක් සිදු කළ අතර පසුව හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඔහුගේ අතටම ඒ මුදල භාර දුන්නේ ය.
හිටපු ජනාධිපතිවරයා සතුටින් එම මුදල භාරගත් අතර, වන්දි මුදල ගෙවීම සදහා එකතුකරගත යුතු රුපියල් ලක්ෂ දහසක මුදලට එම මුදල එකතු කරන බවට පොරොන්දු විය.